Thursday, September 18, 2014

~~~~~සබඳ~~~~~



කඳුළු සුසුමන් පමණ හැඳිනූ

මගේ සිත වෙත

සතුටු සිනහව ළං කරවූ                                

ඔබේ ඔය සිත

කඳුළු සෙවණැලි වලට රිසිවූ

මගේ නෙත් වෙත

සතුටු පැහැයන් එක් කලාවූ

ඔබේ නෙත් යුග

අඳුරු සීතල මතකයන් වෙලි

මගේ ගත වෙත

ආදරේ උණුසුම ලබා දුන්

ඔබේ ඔය ගත

තුලින් දකිනෙමි

තුලින් විඳිනෙමි

සදා නොවෙනස් ඔබේ ප්‍රේමය

පිදූ මාවෙත

 ~~~~තරු~~~~

No comments:

Post a Comment