Wednesday, June 18, 2014

~~~~~අහිමි සිහින~~~~~

සිහින දකින
දකින සිහිනෙ අරුත සොයන
මගේ සිතට
තනි රකින්න නුඹ එනවද
නුඹ ඇසුවා එදා මගෙන්
තනි රැක්කා ළඟ හිටියා
නුඹත් සමඟ
නුඹේ සිහින රැක ගත්තා
අමතක කර මගේ සිහින
නුඹත් සමඟ සිහින ගැන්නා
ඇති දැන් මට
නුඹ කිව්වා තව දවසක
නිල් රතු විය මගේ දිවිය
යන එන මං අමතක විය
නුඹ වෙනුවෙන් අමතක කෙරු
මගේ සිහින වත් නෑ දැන්
මගෙ තනියට
නුඹ සමඟින් ගැනූ සිහින
සිහිවෙනවා මට නිතරම
නැවතත් හැකි නම් මා හට
නුඹේ හිතට තනි රකින්න
මගෙ හිත මට කොඳුරනවා
හැම වෙලේම
ඉන්නවා ඇති වෙන කවුරුන්
නුඹේ සිහින ගැන තබන්න
මමත් හොරෙන් කොඳුරනවා
මගේ සිතට
දින ගෙවුනා සති ගෙවුනා
සිහින නැතුව
සිත රිද්දන කඳුළු උනන
අඳුරු සිහින
නැවුම් සුවඳ අරගෙන එන
පාට සිහින
එනවද නුඹ මගේ හිතට
තනි රකින්න
සිහිනයක්ද සැබෑවක්ද
නුඹමද
යළි ඇවිදින් නුඹ මා වෙත
හැකි වෙද යළි නුඹ සමඟින්
නුඹේ සිහින බෙදා ගන්න
ගැන තබන්න
සිහින අහිමි මගේ සිතට ?????

~~~~තරු~~~~


No comments:

Post a Comment