Saturday, June 21, 2014

~~~~~නුඹයි මගෙ පුතු~~~~~

ඔබේ මුවඟට සිනා ගෙන එමි
සිතේ ලතැවුල් මකා ලන්නෙමි
ඔබේ නෙතඟින් කඳුළු එන විට
කඳුළු කැට පිස දමන්නෙමි
ඔබට තනියක් දැනෙන විට මා
ඔබ ළඟින්  හිඳ ගී ගයන්නෙමි
සිහින දෙව් දූ සමඟ සරමින්
සිනා කැන් නුඹ නගන විටදී
නුඹ ළඟින් හිඳ මමද හිනැහෙමි
නුඹයි මගෙ පුතු මම ලොවක් දිනු
මගේ දිවියේ සතුට කඳුලද නුඹයි මින් පසු


~~~~තරු~~~~

1 comment: