Saturday, June 21, 2014

~~~~~නික්ම යන්නට මං කියාවිද~~~~~

මලක සුසිනිඳු නුඹේ කම්මුල්
සිඹින්නට මට දෙන්න අවසර
සුළගෙ වෙළෙනා නුඹේ කෙහෙරැල්
මගේ හද තුල මවන සිතුවම
මවෙත හෙළනා කෝල බැල්මන්
මසිත ගෙන යයි අනන්තය වෙත
ඔබෙන් ලබනා සොඳුරු ප්‍රේමය
දිව්‍ය විමනකි මසිත සනසන
නමුදු සොඳුරිය හෙට දිනෙක අප
අප අපෙන් සමු ගතව යුතු ඇත
නුඹේ නෙතගින් වැටෙන කඳුලැලි
නික්ම යන්නට මං කියාවිද නුඹෙන් මා හට ??


~~~~තරු ~~~~

No comments:

Post a Comment